කෑගල්ල අරණායක කොරෝනා වෛරසය පැතිරයාමේ අවදානමක් – ඇදිරි නිතීය තවදුරටත්

Share

කෑගල්ල අරණායක පොලිස් බල ප්‍රදේශයට අද දිනයේ ඇදිරිනිතීය ඉවත් නොකිරිමට පොලීසිය කටයුතු කර තිබුණි.

 

ඊයේ රාත‍්‍රියේ පොලිසිය විසින් ශබ්ද විකාශන යන්ත්‍ර වලින් ජනතාව දැනුවත් කරමින් කියා සිටියේ, අරණායක ප‍්‍රදේශයේ කොවිඩ් 19 වෛරසය පැතිරයාමේ අවදානමක් ඇති බවයි.

ප්‍රදේශයේ තරුණයෙකු හදිසි රෝගි තත්ත්වයකින් මිය යාම මීට ආසන්නම හේතුව ලෙස සැලකෙන නමුත් අද පස්වරුවේ වෛද්‍ය වාර්තා මගින් තහවුරු වී ඇත්තේ ඔහුට කොවිඩ් 19 ආසාදනය වී නොමැති බවයි.

එමෙන්ම මහනුවර දිස්ත්‍රික්කයේ කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිත පුද්ගලයන් හත්දෙනකු වර්තා වු අකුරණ ප්‍රදේශය තවමත් පවතින්නේ සම්පූර්ණයෙන්ම හුදකලා ප්‍රදේශයක් ලෙසයි.

Read more

Local News