ඉන්දියාවෙන් ලංකාවට ටොන් 10ක බෙහෙත් පරිත්‍යාගයක්

Share

කොවිඩ් නයින්ටීන් අර්බුදය හමුවේ අද (07) දින ඉන්දියාව විසින් අත්‍යාවශ්‍ය බෙහෙත් ටොන් 10 ක ප්‍රමාණයක් මෙරටට පරිත්‍යාග කර තිබේ.

 

මෙම බෙහෙත් ශ්‍රී ලංකා රජය විසින් ඉල්ලුම් කර තිබුණු බවද නිවේදනයක් නිකුත් කරමින් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.

එයා ඉන්ඩියා සමාගමේ විශේෂ ගුවන් යානා දෙකක් මඟින් මෙම බෙහෙත් තොගය අද දින ශ්‍රී ලංකාවට රැගෙන ගෙන තිබේ.

මෙය යහපත් හා අසීරු කාලවලදී ලංකාව සමඟ රැඳී සිටිමට ඉන්දියාවේ දැඩි කැපවීම පිළිහිඹු කරන තවත් අවස්ථාවක් බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

දේශීය වශයෙන් පවතින අභියෝග සහ සීමාවන් හමුවේ වුවද සිය සම්පත් හා ප්‍රවීණත්වය තම මිතුරන් සහ සහකරුවන් සමඟ බෙදා ගත යුතු බව ඉන්දියාව සෑම විටම විශ්වාස කරයි.

Read more

Local News