ඉදිරි දෙසතිය අවදානම්

කොවිඩ් 19 වෛරසයේ දෙවැනි නැගිටීමක් ඉදිරි සති දෙක තුළ අපේක්ෂා කළ හැකි බැවින් දැඩි පාලනයකට යා යුතු බව විශේෂඥ වෛද්‍ය විද්‍යාලවල සභාපතිවරුන් සෞඛ්‍ය අමාත්‍යංශයට කරුණු  පෙන්වා දී තිබේ.

 

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙරටදී සිදු වූ හය වැනි මරණය අද උදෑසන වාර්තා වූයේ අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතන රෝහලෙන්.

දෙහිවල අරුණාලෝක මාවතේ පදිංචි කරුවෙකුව සිටි වයස අවුරුදු 80 ක පුද්ගලයෙකු මෙලෙස මියගියේය.

මාර්තු 27 වනදා කළුබෝවිල රොහලට ඇතුළත් කෙරුණු ඔහු මාර්තු 30 වනදා කොවිඩ් නයින්ටීන් වෛරසය අසාදිතයකු බවට හදුනා ගැනිමෙන් අනතුරුව  අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතන ඇතුලත් කරනු ලැබුවේය.

මෙලෙස මියගිය පුද්ගලයාගේ දියණියගේ සැමියා සංචාරක මගපෙන්වන්නෙක් වන අතර ඔහු ඇතුලු මියගිය පුද්ගලයාගේ බිරිඳ සහ මුණුබුරාද මෙවන විට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීම හේතුවෙන් අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතන රෝහලේ ප්‍රතිකාර ගනු ලබයි.

ඔහුගේ දේහයේ ආදාහන කටයුතු ජාත්‍යන්තර නිරෝධායන පනතේ රෙගුලාසි වලට අනුකූලව කොටිකාවත්ත පොදු සුසාන භූමියේදී සිදුකෙරුණි.