ගිනස් වාර්තාවක් කොළඹ රාජකීය විද්‍යාලයීය ශිෂ්‍යයන්ගෙන්

Share

තත්පර පහක කාලයක් තුළ ජල රොකට් 2000 ක් ගුවන්ගත කිරීමෙන් ගිනස් වාර්තාවක් තැබීමට කොළඹ රාජකීය විද්‍යාලයීය දරුවන් සමත් වී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

2013 වසරේ චීනයේ ‘කුන් යික් ශී’ ද්විතීයික පාසලේ සිසුන් විසින් තත්පර පහක් තුළ ජල රොකට් 1056ක් ගුවන්ගත කිරීමෙන් තැබූ ගිනස් වාර්තාව බිඳ හෙළමින් රාජකීය විද්‍යාලයේ සිසුන් විසින් පසුගිය දා එම වාර්තාව අලුත් කොට ඇතැයි ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලැබ ඇති නිවේදනයක දැක්වෙයි.

මෙම ගිනස් වාර්තාවට අදාළ සහතිකය ඊයේ (15) අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් වෙත පිළිගන්වා ඇති බවත් සඳහන් වෙයි.

විද්‍යාලයීය අජටාකාශ හා තාරකා විද්‍යා සංගමයේ 50 වැනි සංවත්සරය හා ලෝක විද්‍යා දිනය සැමරීමට සමගාමීව එම ජල රොකට් ගුවන්ගත කිරීම සිදුකොට ඇති අතර, ජල රොකට් ගුවන්ගත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගිනස් වාර්තාවක් බිහි කරන ප්‍රථම අවස්ථාව ද මෙය වෙයි.

 

Read more

Local News