ඉන්දියාවේ ආසාදිතයින් වැඩි වීම නිසා මෙරට මුහුදු සීමාවල ආරක්ෂාව තර කරයි

ඉන්දියාව තුළ කොවිඩ් නයින්ටීන් ‌හෙවත් නව ‌කොරෝනා ‌වෛරස ආසාදිතයින් ඉහළ යාමත් සමඟ මෙරට මුහුදු සීමාවල ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇති බව නාවික හමුදාපති අද්මිරාල් පියල් ද සිල්වා මහතා පවසයි.

 

ඒ සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ද සහය හිමිව ඇති බව ඔහු සඳහන් කළේය.

ඉන්දියාව තුළ ආසාදිතයින් ඉහළ යාමත් සමඟ දකුණු ඉන්දියාවේ සිට ධීවර කටයුතු සඳහා බව පවසමින් පුද්ගලයින් මෙරටට ඇතුළු වීමේ වැඩි ඉඩකඩක් පවතින බව ද නාවික හමුදාපතිවරයා පැවසීය.

ඒ අනුව යාත්‍රා සංඛ්‍යාව ඉහළ නංවමින් පැය 24 පුරාම ආරක්ෂක කටයුතු තර කිරීමට පියවර ගෙන ඇති බව ඔහු සඳහන් කළේය.