ඉන්දියාවේ ‌කොරෝනා මරණ 199 දක්වා ඉහළ නගී

Share

ඉන්දියාවේ කොවිඩ් නයින්ටීන් ‌හෙවත් නව ‌කොරෝනා ‌වෛරසය ‌‌හේතුවෙන් මිය ගිය ගණන 199 දක්වා ඉහළ ගොස් ති‌බෙන බව වාර්තා ‌වෙයි.

 

ඉන්දියාව තුළ වෛරස ආසාදිතයින් 6412ක් හමුව ඇති අතර ඉන් රටතුළ වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් වඩාත් බරපතළ අවදානමක් උද්ගතවී ඇති බව පෙනී යන බව විදෙස් වාර්තා පවසයි.

මේ අතර ලෝක බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙන්නේ 1930 වසරෙන් පසු ඇතිවූ දරුණුම ආර්ථික අවපාතයට ලෝකය දැන් මුහුණදෙමින් සිටින බවයි.

ඉන් ලෝකයේ දරිද්‍රතා ප්‍රතිශතය ඉහළයනු ඇති බවත්, ඉන් බිලියන බාගයක පමණ ජනතාවට බලපෑම් ඇතිවිය හැකි බවත් මේ වාර්තාවේ වැඩිදුරටත් සදහන් ‌වෙයි.

Read more

Local News