කිසිදු හේතුවක් නිසා ජනපතිව විවේචනය නොකළ යුතුයි – ‍අගමැති

Share

කිසිදු හේතුවක් නිසා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රසිද්ධියේ විවේචනය නොකළ යුතු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (17) පැවති කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී දැනුම් දුන්නේය.

යම් ප්‍රශ්න ඇතිනම් තමාට ඒවා දැනුම් දෙන ලෙසත් දේශපාලන වශයෙන් කුමන අර්බුදයක් පැවතියද සියලූම එක්සත් ජාත්ක පක්ෂ මැති ඇමැතිවරුන් ප්‍රමුඛ දේශපාළඥයන් ජනාධිපතිවරයා විවේචනය කිරීමෙන් වැළකී සිටිය යුතුයි යනුවෙන්ද අගමැතිවරයා ප්‍රකාශ කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරුන් පසුගිය කාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් කරනු ලබන ප්‍රකාශ පිලිබඳව කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දැඩි ස්ථාවරයක සිට කරුණු දැක්වීය.

ඒ පිළිබඳ දැඩි අවධානය යොමු කරමින් අගමැතිවරයා සදහන් කලේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විවේචනය කිරීමට මින් ඉදිරියට කිසිදු එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරු ක්‍රියා නොකළ යුතු බවයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය ඊයේ රැස් විය. බැඳුම්කර වාර්තාව මගින් එක්සත් ජාතික පක්ෂයට මඩ ගැසීමට යොදා ගෙන ඇති බව කෘත්‍යාධිකාරි මණ්ඩලය අවධාරණය කර තිබේ.

 

එළැඹෙන මැතිවරණය වෙනුවෙන් තමන්ගේ ආසනයේ මෙන්ම අනෙකුත් ආසනවලත් මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදෙන ලෙස මන්ත්‍රීවරුන්ට උපදෙස් ලබා දීමට මෙහිදි තීරණය විය.

අගමැතිවරයා ඉලක්ක කර ගනිමින් සමහර සමාජ මාධ්‍යවල හැසිරීම මෙහිදි විවේචනය ලක් වූ අතර ඒ සම්බන්ධයෙන් පියවර ගැනිමට තීරණය විය.

Read more

Local News