සා/පෙළ සිසුන්ට ජාතික හැදුනුම්පත් නිකුත් කිරීම අප්‍රේල් මාසයේ සිට

Share

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව තීරණය කර ඇත්තේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මේ අවුරුද්දේ පෙනී සිටින සිසුන්ට ජාතික හැදුනුම්පත් නිකුත් කිරීම අප්‍රේල් මාසයේ සිට ආරම්භ කිරීමයි.

මේ සඳහා අයඳුම්පත සහිත අදාළ චක්‍රලේඛය අපොස සාමාන්‍ය පෙළ පංති තිබෙන සියලු ම පාසල්වල විදුහල්පතිවරුන් වෙත ලබන සතියේ යැවීමට කටයුතු යොදා අැති බවත්, සියලුම විදුහල්පතිවරුන් චක්‍රලේඛයේ සඳහන් උපදෙස් පරිදි සිසුන්ගේ විස්තර සහ ඡායාරූප 2018 මාර්තු 31 වන දාට පෙර බත්තරමුල්ලේ පිහිටි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට භාර දිය යුතු බවද පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් පවසයි.

බොහෝ විදුහල්පතිවරුන් විභාගය ආසන්න වූ පසු සිසුන්ගේ හැඳුනුම්පත් සඳහා අයඳුම්පත් එවීම නිසා දෙපාර්තමේන්තුවට සිදුවන අපහසුතා මගහරවා ගැනීමට මෙම පියවර ගත් බවද කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

Read more

Local News