ප්‍රදේශ කිහිපයක දී හෙරොයින් සමඟ 6ක් අත්අඩංගුවට

Share

දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් හෙරොයින් සමඟ පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

බොරැල්ල, රත්මලාන, ආණමඩුව සහ ඉංගිරිය යන ප්‍රදේශවල දී එම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 142 කට අධික තොගයක් සිය භාරයට ගත් බව පොලීසිය සඳහන් කළේය.

කොළඹ දිසා දූෂණ මර්දන ඒකකය විසින් බොරැල්ල, ලෙස්ලිරණගල මාවත ප්‍රදේශයේ නිවසක සිදුකළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 121 යි මිලිග්‍රෑම් 228 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර හොරොයින් ග්‍රෑම් 9 යි මිලිග්‍රෑම් 500 ක් සමඟ පුද්ගලයෙකු රත්මලාන ප්‍රදේශයේ දී බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.

ආණමඩුව, කජුවත්ත ප්‍රදේශයේ දී ලොරි රථයක් නවතා පරීක්ෂා කිරීමේදී එහි ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙකු හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 6 යි මිලිග්‍රෑම් 650 ක් පොලිසිය භාරයට ගෙන ඇත.

මේ අතර ගල්කිස්ස, බඩෝවිට ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 5 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් අදාල සැකකරුවන් මාලිඟාකන්ද, නුගේගොඩ, ආණමඩුව සහ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News