ඉන්දුනීසියානු ජනපති හෙට දිවයිනට

Share

ශ්‍රී ලංකාව සමඟ පවතින ද්වීපාර්ශවික සහයෝඟීතාවය තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අපේක්ෂාවෙන් දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ මහතා හෙට (24) ශ්‍රී ලංකාවට පැමිණෙයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඇරයුම මත ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ මහතා මේ මස 24 හා 25 දිනයන්හි ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරතවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

හමුදා උත්තමාචාර සහ ආචාර වෙඩිමුර විසිඑකක් සහිතව මේ මස 24 දා පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ඉන්දුනීසියානු ජනාධිපතිවරයා උත්සවාකාරයෙන් පිළිගනු ලබන අතර, ඔහු ඉන් අනතුරුව ඒ මහතා අන්‍යෝන්‍ය වශයෙන් දෙරටට වැදගත් වන කරුණු රැසක් සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ නිල ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

Read more

Local News