ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙක් මත්කුඩු චෝදනාවකට රිමාන්ඩ්

Share

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන වේග පන්දු යවන ෂෙහාන් මධුසංඛ හෙරොයින් ග‍්‍රෑම් 02 යි මිලිග‍්‍රෑම් 700ක් ළඟ තබා ගැනීමේ චෝදනාවට පන්නල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජුනි මස දෙවනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

සැකකාර 25 හැවිරිදි ක්‍රීඩකයා 2018 වසරේදි බංග්ලාදේශයට එරෙහිව ජාත්‍යන්තර මංගල එක්දින වරම් හිමි කරගත් අතර ඔහු එම තරගයේදී කඩුළු ත්‍රිත්වයක්ද ලබාගනු ලැබීය.

Read more

Local News