කොරෝනා ආසාදිතයින් ගණන 1633ක් දක්වා ඉහළට

Share

ඊයේ(31) රාත්‍රී 11.00 වන විට තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1633ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ දින කොවිඩ් ආසාදිතයන් 13 දෙනකු අලුතින් හඳුනා ගෙන තිබේ.

ඒ අතර 9 දෙනෙක් පිට රටින් පැමිණි අය වන අතර, සෙසු සිව් දෙනා නාවික හමුදා සෙබලුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ වන විට පුද්ගලයින් 801 ක් පූර්ණ ‍සුවය ලබා ඇත.

තවත් පුද්ගලයින් 822 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්වල ප්‍රතිකාර සඳහා යොමු කර තිබේ.

අද (01) දිනයේ 11 වන කොවිඩ් මරණයත් වාර්තා විය.

Read more

Local News