මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1749ක් දක්වා ඉහළට

Share

ඊයේ(03) රාත්‍රී 11.55 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 14 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1749ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඒ අනුව ඊයේ දිනයේ දී කොවිඩ් නයින්ටීන් රෝගීන් 66 දෙනෙක් වාර්තා වී තිබේ.

මෙම ආසාදිතයින් 14 දෙනා බංග්ලාදේශයේ සිට පැමිණි අය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඊයේ දිනයේ වාර්තා වූ රෝගීන්ගෙන් 31 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඉන් 19 දෙනෙකු මුලන්කාවිල් නිරෝධායන මධ්‍යස්ථානයෙන්, සිව් දෙනෙකු කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථායෙන් තවත් සිව් දෙනෙකු මිහින්තලය නිරෝධායන මධ්‍යස්ථානයේ රැදී සිටින අය බව සඳහන්.

අනෙක් නාවික හමුදා රෝගීන් සිව්දෙනා නිරෝධායනයට ලක්වෙමින් සිටි අය බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

ඊයේ දිනයේ වාර්තා වූ රෝගීන් අතර කටාර්හි සිට පැමිණ අම්පාර නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් 19 දෙනෙකු සහ කුවේට්හි සිට පැමිණ මින්නේරිය සහ ත්‍රීකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පුද්ගලයින් දෙදෙනෙකු වන බව සඳහන් වේ.

Read more

Local News