එරාවුර් හිදී තරුණියක් ඝාතනය කරයි

Share

එරාවුර් පොලිස් වසමේ මිරාකේනි පාර, අයියන්කේනි ප්‍රදේශයේ දී කාන්තාවක් ගෙල සිර කර ඝාතනය කර ඇතැයි එරාවුර් පොලීසියට ලද දැනුම් දීමක් මත විමර්ශන ආරම්භ කර තිබේ.

 

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 24 ක් වු ඉහත ලිපිනයේ පදිංචිකාරියක් බව පොලිසිය පවසයි.

මිය ගිය තරුණිය ස්වාමිපුර්ෂයා සමඟ පදිංචිව ඇති අතර, දෙදෙනා අතර ආරවුල් දුරදිග යෑමෙන් මෙම ඝාතනය සිදුව ඇතැයි විමර්ශනවලදී හෙළි වී තිබේ.

අවුරුදු 27 ක් වු ස්වාමිපුරුෂයා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා එරාවුර් රෝහලේ තැන්පත් කර තිබෙන අතර එරාවුර් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News