කොරෝනා ආසාදිතයින් ගණන 1790ක් දක්වා ඉහළට

Share

මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1790ක් දක්වා ඉහල ගොස් තිබේ.

 

මේ වන විට අද දිනයේ කොවිඩ්-19 ආසාදිතයින් 41 දෙනෙකු හදුනාගෙන තිබේ.

ඉන් 36 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් වන අතර ඔවුන් කන්දකාඩු සහ ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක්වෙමින් සිටි අය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ වන විට මෙරටින් වාර්තා වන කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 1790 දෙනාගෙන් 839 දෙනෙකු සුවය ලබා තිබේ.

වෛරස ආසාදිතයින් 940 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

Read more

Local News