ගඩොල්වලින් හිඟ වැටුප් ගෙවන කර්මාන්තශාලාවක්

Share

චීනයේ ගඩොල් කර්මාන්තශාලාවක සේවකයන්ට ලබා දිය යුතු යුවාන් 90,000 ආසන්න හිඟ වැටුප් ගඩොල්වලින් ගෙවීමට එහි හිමිකරුවන් තීරණය කර තිබෙන බව වාර්තා වේ.

කර්මාන්තශාලා තිහක රැකියා කරන කම්කරුවන් මෙම තීරණයට එකඟ වී තමන්ට ලැබිය යුතු යුවාන් 80,000 වෙනුවට ගඩොල් 290,000 ක් භාරගෙන තිබෙන බව ෂින්හුවා මාධ්‍ය ආයතනය වාර්තා කරයි.

මෙම ගැටලුවට මැදි වී සිටින සියලුම කම්කරුවන් කඳුකර ප්‍රදේශයේ සිට ගිනිකොන චීනයට සංක්‍රමණය වූවන් වන අතර, ඔවුන්ගෙන් බහුතරයකට “ඉටිපන්දම් එළියෙන් ආලෝකය ලබා ගැනීම සහ උණුසුම් වීමට ගිණි ගොඩක් ගැසීම” හැර වෙනත් විකල්පයක් නොමැති බවයි වාර්තා වන්නේ.

කම්කරුවන් තම වේතනයට සරිලන වටිනාකමක් ඇති ගඩොල් ලබා ගැනීමට එකඟ වීමත් සමග, අධිකරණයේ සහය ඇතිව කම්කරු දෙපාර්තමේන්තුව මැදිහත් වීමෙන් මෙම ගැටලුව සමතයකට පත් කිරීමට හැකි වී තිබේ.

නමුත් තවමත් සේවක හිඟ වැටුප් සම්පූර්ණයෙන් ගෙවීමට නොහැකි වී ඇත.

Read more

Local News