ලෝක ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමට වසර 2 ක කාලයක්

Share

කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වයෙන් බලපෑම් එල්ල වූ ලෝක ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම සඳහා අවම වශයෙන් වසර 2ක කාලයක් ගත වනු ඇති බව ආර්ථික විශ්ලේෂකයින් පවසයි.

 

‘ආර්ථික සහයෝගීතාව හා සංවර්ධනය පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය‘ පෙන්වා දෙන්නේ සියවසකට ආසන්න කාලයකට පසුව ලෝක ආර්ථිකයට එල්ල  වූ දරුණුම බලපෑම ලෙස මෙම වසංගත තත්ත්වය සැලකිය හැකි බවය.

සෞඛ්‍යයට, රැකියා කටයුතුවලට මෙන්ම පුද්ගල යහපැවැත්මට ද ඉන් දැඩි බලපෑමක් එල්ල වී ඇති බව ඔවුන් සඳහන් කරයි.

අමෙරිකාව, ජර්මනිය, ප්‍රංශය, සහ ඉතාලිය ඇතුළු රටවල් 37ක් ‘ආර්ථික සහයෝගීතාව හා සංවර්ධනය පිළිබඳ සංවිධානය‘ නියෝජනය කරයි.

Read more

Local News