ළමා අපයෝජන නඩු සඳහා දැනුම් දීමට ළමා දුරකථන සේවයක්

Share

කල් ගතවන ළමා අපයෝජන නඩු සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නීතීඥ සහය අවශ්‍ය නම් 1929 ශ්‍රී ලංකා ළමා දුරකථන සේවය අමතා දැනුම් දෙන ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ඉල්ලා සිටියි.

ළමා අපයෝජන නඩු කටයුතු ප්‍රමාදවීම වර්තමානයේදී මුහුණ දෙන ප්‍රධාන ගැටළුවක් බවට පත්ව ඇත. ඒ සඳහා කඩිනම් යාන්ත්‍රණයක් සැකසීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මේ වන විට සැලසුම් කර තිබේ. එහි පළමු අදියර ලෙස කල්ගත වන ළමා අපයෝජන නඩු සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නීතීඥ සහය නොමිලේ ලබාදීමට තීරණය කර ඇත.

ඒ අනුව එවැනි අවශ්‍යතාවයක් මතුව ඇති ඕනෑම තැනැත්තෙකුට 1929 ශ්‍රී ලංකා ළමා දුරකථන සේවය අමතා අවශ්‍ය සහයෝගය ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් ඉල්ලා සිටිය හැකිය.

Read more

Local News