මෙරට ඉදිකිරීම් පරිශ්‍රවලින් 75% ක මදුරු කීටයින් හමුවෙයි

Share

මෙරට ඉදිකිරීම් පරිශ්‍රවලින් 75% ක මදුරු කීටයින් හමුවූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

අමාත්‍යාංශය නිකුත් කළ, නිවේදනයක දැක්වෙන්නේ මේ හේතුවෙන් ඒ ආශ්‍රිතව ජීවත්වන ජනතාව දැඩි ඩෙංගු අවදානමකට ලක්විය හැකි බවයි.

මේ පිළිබඳව දැඩි අවධානය යොමු කර මදුරු මර්දනය සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ අතර, ඊයේ (25) සිට ක්‍රියාත්මක වන පරිදි අදියර කිහිපයක් යටතේ මදුරු මර්දනය සඳහා වැඩසටහන් ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

අමාත්‍යාංශය පැවසුවේ කොළඹ මහ නගර සභාව හා කොළඹ, කළුතර, ගම්පහ, ගාල්ල, මාතර හා මහනුවර යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් එම වැඩසටහන් ක්‍රියාත්මක බවයි.

Read more

Local News