කෘෂිකාර්මික පර්යේෂණවල විශිෂ්ටතාවය සඳහා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට සම්මානයක්

Share

ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණවල විශිෂ්ටතාවය උදෙසා පවත්වනු ලබන ජාතික සම්මාන ප්‍රදානෝත්සවයේ වැවිලි අංශයේ දෙවන ස්ථානය අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මධ්‍යම පර්යේෂණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ  ආචාර්ය ජේ.එම්.සෙනෙවිරත්න මහතා විසින් දිනා ගන්නා ලදී.

බූටෑවේ රාළ, කොහුකුඹුරේ රාළ හා ඩිංගි රාළ යන දේශීය විරුවන්ගේ නමින් දේශීය ප්‍රභේද සමඟ දෙමුහුන් කරන ලද නව ගම්මිරිස් වර්ග තුනක් කෘෂිකාර්මික අංශයට දායාද කිරීම වෙනුවෙන් මෙම සම්මානය ඔහුට හිමි විය.

ජාත්‍යන්තර වෙළදපළේ දී ඉහළ ගුණාත්මයෙන් යුතු දේශීය ගම්මිරිස් ප්‍රභේදවල අවශ්‍යතාවය සපුරාලිය හැකිවීම මෙන්ම ලංකාවේ පාරිසරික තත්ත්වයන්ට වඩා හොදින් ගැලපීම මෙම නව ගම්මිරිස් ප්‍රභේදවල තිබෙන විශේෂතා වේ.

කෘෂිකර්ම අමාත්‍යංශයට අයත් ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාව මගින් මෙම සම්මාන උළෙල සංවිධානය කරනු ලබන අතර මෙම කෘෂිකාර්මික පර්යේෂණවල විශිෂ්ටතා වෙනුවෙන් සම්මාන පිරිනැමීමේ ජාතික උළෙල වසර දෙකකට වරක් පවත්වනු ලබන අතර මෙවර එය සිව්වෙනි වතාවට පවත්වා තිබේ.

වැවිලි අංශය, වැවිලි නොවන අංශය, පශු සම්පත් හා ධීවර යන අංශ තුන යටතේ මෙහිදී සම්මාන ප්‍රදානය කිරීම සිදු කෙරේ.

Read more

Local News