කොවිඩ් හඳුනාගැනීම වේගවත් කිරීමට සම්පූර්ණ ස්වයංක්‍රීය PCR යන්ත්‍රයක්

Share

කොවිඩ් – 19 හඳුනාගැනීම වේගවත් කිරීමට සම්පූර්ණ ස්වයංක්‍රීය PCR යන්ත්‍රයක් අන්තර්ජාතික රොටරි සමාජය රජයේ වෛද්‍ය පර්යේෂණ ආයතනයට පරිත්‍යාග කරයි.

 

PCR යන්ත්‍රය පිළිබඳව ඊයේ (01) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුවත් කිරිම සිදු කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මෙම PCR යන්ත්‍රයේ වටිනාකම රුපියල් දෙකෝටි විසි ලක්ෂය ඉක්මවන අතර එමඟින් පර්යේෂණවල දී මුහුණපාන මානව සම්පත් හිගය මඟහැරිමට හැකිවිම විශේෂත්වයක්.

වේගවත් බව, ඉහළ නිරවද්‍යතාව සහ කාර්යක්ෂමතාව වැඩිකිරීමට ද නව යන්ත්‍රයට හැකි බව වෛද්‍යවරු පවසති.

ඉදිරියේදී මුහුණ පෑමට සිදුවිය හැකි වෙනස් ආකාරයක වෛරසයක් හඳුනාගැනීමට ද නව PCR යන්ත්‍රය යොදාගත හැකිය.

කොවිඩ් මර්දනය උදෙසා වෛද්‍ය පර්යේෂණ උපකරණ සහ පහසුකම් සැපයීමට රොටරි සමාජය රුපියල් කෝටි 12 කට අධික පරිත්‍යාග කර තිබේ.

ඒ පිළිබඳව ජනාධිපතිතුමා රොටරි සමාජයේ නියෝජිතයන්ට සිය ස්තූතිය පළ කළේය.

Read more

Local News