පාකිස්තානයේ සෞඛ්‍ය ඇමතිටත් කොවිඩ්

පාකිස්තානයේ අමාත්‍යවරු දෙදෙනෙක්ට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

 

ඒ එරට විදේශ අමාත්‍ය ෂාහ් මහමුද් සහ සෞඛ්‍ය අමාත්‍ය සෆාර් මිර්සාහටයි.

කොරෝනා වෛරසය හේතුවෙන් පාකිස්තානය තුළ මිය ගිය ගණන 4,762ක් ක් වන අතර වාර්තා වන කොවිඩ් ආසාදිතයින් ගණන 231,818ක්.