සමගි ජන බලවේගය කොළ පාට භාවිත කිරීම ගැන එජාපයෙන් පැමිණිලි

Share

එක්සත් ජාතික පක්ෂයේ වර්ණය වන කොළ පාට, සමගි ජන බලවේගය පක්ෂය සිය මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් භාවිත කිරීම වැළැක්වීමට කඩිනමින් පියවර ගන්නා ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාට ලිපියක් මගින් යොමු කර තිබේ.

 

 

එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාව අනුව පක්ෂයේ වර්ණය කොළ පාට වන බවත් සමගි ජන බලවේගය පක්ෂයේ ව්‍යවස්ථාව අනුව එම පක්ෂයේ වර්ණය නිල් පාට වන බවත් අකිල විරාජ් කාරියවසම් මහතා එම ලිපියෙහි වැඩිදුරටත් සඳහන් කර ඇත.

එමෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව තම ප්‍රචාරක කටයුතු සිදු කිරීමේ දී සමගි ජන බලවේගය විසින් එක්සත් ජාතික පක්ෂයේ වර්ණය වන කොළ පාට භාවිත කරමින් සිටින බව හා ඒ් තුළින් චේතනාන්විතවම එක්සත් ජාතික පාක්ෂිකයින් නොමඟ යැවීමක් සිදුවන බවත් එම ලිපියෙහි සඳහන්ය.

එමඟින් එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලට බලපෑමක් සිදු වන බවත් එම නිසා ඒ පිළිබඳව මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ අවධානය යොමු කර එක්සත් ජාතික පක්ෂයේ වර්ණය සමගි ජන බලවේගය විසින් භාවිත කිරීම වැළැක්වීමට කඩිනමින් පියවර ගන්නා ලෙසත් අකිල විරාජ් කාරියවසම් මහතා අදාළ ලිපියෙන් දැනුම් දී තිබේ.

Read more

Local News