කැලණිය විශ්වවිද්‍යාලයේ පීඨ කීපයක අධ්‍යයන කටයුතු අරඹයි

Share

කැලණිය විශ්වවිද්‍යාලයේ සිව්වන වසරේ අධ්‍යයන කටයුතු ලබන 13 වනදා සිට ආරම්භ කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව විද්‍යා, වාණිජ, කළමනාකරණ හා තාක්ෂණ පීඨවල සිව්වන වසරේ අධ්‍යයන කටයුතු ආරම්භ කෙරෙන බව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සඳහන් කළේය.

 

නේවාසික පහසුකම් ලබාදී ඇති එම පීඨවල සිව්වන වසරේ සිසුන් පමණක් ලබන 12 වනදා පෙරවරු 09.00 සිට පස්වරු 05.00 දක්වා කාලසීමාව තුළ නේවාසිකාගාර වෙත වාර්තා කළ යුතු ය.

කෙසේවෙතත් නේවාසික පහසුකම් ඇති සිසුන් නේවාසිකාගාරවල නතර වීම මෙම අවස්ථාවේදී අනිවාර්ය නොවන අතර අවශ්‍ය නම් නිවසේ සිට පැමිණිය හැකි බව ද කැලණිය විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සඳහන් කරයි.

Read more

Local News