වැලිකඩ රැඳවියාගේ ආශ්‍රිතයින් පිරිසක් PCR පරීක්ෂණවලට යොමු කෙරේ

Share

වැලිකඩ බන්ධනාගාරයෙන් හමුවූ කොවිඩ් නයින්ටීන් ආසාදිතයාගේ ආශ්‍රිතයින් 300කට ආසන්න පිරිසක් අද(09) දිනයෙත් PCR පරීක්ෂණ සඳහා යොමුකරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

 

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් හා බන්ධනාගාර නිලධාරීන් ඇතුළු ආශ්‍රිතයින් 326 දෙනෙකුගේ PCR පරීක්ෂණ මේ වන විටත් සිදුකර ඇති අතර ඉන් කිසිදු පුද්ගලයෙකුට වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇති බව ද අනිල් ජාසිංහ මහතා පවසයි.

මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 2094 වන අතර ඉන් 1967 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

Read more

Local News