වර්ණගම ප්‍රදේශයේ අනතුරකින් තිදෙනෙකු මරුට

Share

වැල්ලවාය – මොණරාගල ප්‍රධාන මාර්ගයේ වර්ණගම ප්‍රදේශයේ අද (10) පෙරවරුවේ සිදුවු රිය අනතුරකින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

යුද හමුදා කඳවුර ආසන්නයේ දී ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අද උදෑසන 10.15 ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර, ත්‍රීරෝද රථයේ ගමන්ගත් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කළ නමුත් ඒ වන විටත් ඔවුන් මියගොස් සිටි බව අප වාර්තාකරු සඳහන් කළේය.

ත්‍රීරෝද රථයේ ගමන්ගත් තවත් පුද්ගලයෙක් වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මොනරාගල මූලික රෝහලට මාරු කර යවා තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වැල්ලවාය ආණපල්ලම ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයින් තිදෙනෙක්.

ලොරි රථ රියදුරාගේ අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතු වී ඇති බව පොලීසිය සඳහන් කරයි.

Read more

Local News