නිරෝගී කෙස් කලඹක් ලබාදෙන කරපිංචා සත්කාරය ගැන ඔබත් දන්නවා ද ?

Share

නිරෝගීමත් කෙස් කළඹක් හිමි කර ගැනීමට අපි කවුරුත් කැමති. ඒ සඳහා වැඩි වශයෙන් උනන්දු වන්නේ කාන්තාවන්.

 

හිස කෙස් හැලී යාම, කෙස් කළඹ දුඹුරු පැහැයට හැරීම, කෙස්වල ඝනත්වය අඩුකම, කෙස් වැවීමේ වේගය අවම වීම වැනි දෑ කෙස් කළඹ ආශ්‍රීතව ඇති වන ප්‍රධාන ගැටලු කිහිපයකි.

කෙස් කලඹ ආශ්‍රීත ගැටලු බොහෝමයකට ශාකසාර ආශ්‍රයෙන් විසඳුම් ලබා ගැනීමට පුළුවන්.

කරපිංචා කියන්නෙත් කෙස් කලඹ ආශ්‍රීත ගැටලු බොහෝමයකට විසඳුම් ලබා දෙන ශාකසාරයක්.

කරපිංචා සත්කාර කරන්නේ මෙහෙමයි.

  • කරපිංචා ගසේ කොළ, නැටි සියල්ල හොඳින් කොටා ගන්න. එහි යුෂ ගෙන පිරිසිදු පොල්තෙල් සමඟ මිශ්‍ර කර ළිප තබා රත් කරන්න. ඉන්පසු එය නිවෙන්නට හැර කෙස් කලඹේ ආලේප කර හොඳින් හිස සම්බාහනය කරන්න. විනාඩි 30ක් පමණ තබා ස්නානය කරන්න.
  • කරපිංචා සහ දෙහි ලෙලි ජලයට දමා හොඳින් තම්බා ගන්න. එම ජලය පෙරා ගන්න. ස්නානය කර අවසානයේ දී මෙම ජලයෙන් හිස සෝදා හරින්න.
  • කරපිංචා කොළ තම්බා පානය කරන්න.
  • කරපිිංචා, යෝගට් සහ බිත්තරයක් හොඳින් බ්ලෙන්ඩර් කරන්න. මෙම මිශ්‍රණය කෙස් කලඹේ ආලේප කර විනාඩි 30ක් පමණ තබා සෝදා හරින්න.

මෙවැනි ස්වභාවික සත්කාර කිරිම මඟින් ඔබට නිරෝගීමත් කෙස් කළඹක් හිමි කර ගැනීමට පුළුවන්.

Read more

Local News