බන්ධනාගාර රැඳවියන් අධිකරණ වෙත රැගෙනයාම තාවකාලිකව අත්හිටුවයි

Share

බන්ධනාගාරගත රැඳවියන් අධිකරණ ක්‍රියමාර්ග සඳහා අධිකරණ වෙත රැගෙනයාම තාවකාලිකව අත්හිටුවා තිබේ.

 

ඒ, රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙනි.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේ, ඒ, ඒ අධිකරණ විසින් කළ දැනුම් දීම අනුව එම පියවර ගත් බවය.

ඒ අනුව සිදුවන අධිකරණ කටයුතු වීඩියෝ තාක්ෂණය මගින් සිදුවන බව ද ඔහු පැවසුවේ ය.

කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ, දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රැඳවියන්ගේ දින දීර්ඝ කිරීම ආදිය එලෙස සිදුවන බවය.

මේ අතර නැවත දැනුම්දෙන තුරු රැඳවියන් බන්ධනාගාර අතර හුවමාරු කිරීම ද අත්හිටුවා ඇතැයි තුෂාර උපුල්දෙණිය මහතා පැවසීය.

Read more

Local News