2020 විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය කල් යයි

Share

කොවිඩ් නයින්ටීන් වසංගතය හේතුවෙන් මතුව ඇති අස්ථාවර බව හේතුවෙන් 2020 පිරිමි විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය කල් දැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ (20) දිනයේ තීරණය කර ඇත.

 

එම තරඟාවලිය එළඹෙන ඔක්තෝබර් – නොවැම්බර් කාලසීමාවේදී ඔස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිතව තිබිණි.

එසේම 2023 පෙබරවාරි – මාර්තු කාලසීමාවේදී පැවැත්වීමට නියමිතව තිබු පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය ද ඔක්තෝබර් – නොවැම්බර් දක්වා කල් දමා තිබේ.

Read more

Local News