ජනාධිපතිවරණය කල්දැමීමට ට්‍රම්ප්ගෙන් යෝජනාවක්

Share

එළඹෙන නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත අමෙරිකානු මැතිවරණය කල්දැමිය යුතු බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යෝජනා කරයි.

 

අමෙරිකානු ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණය කල්දැමීමට ජනපතිට බලයක් නැත එසේම එරට මේ දක්වා කිසිම ජනාධිපතිවරණයක් කල්දමා නොමැත.

2020 අමෙරිකානු ජනාධිපතිවරණය නොවැම්බර් 3 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ.

මේ වනවිට ඇමරිකාවේ කොරෝනා වසංගත තත්ත්වය පාලනය නොවූ පසුබිමක මෙම මැතිවරණය නිසි ලෙස පැවැත්වීමට හැකියාවක් නොමැති බව ඔහුගේ තර්කය වේ.

සෞඛ්‍යාරක්ෂිත නීති අනුව මැතිවරණය පැවැත්වීමේ අපහසුතාවලට විකල්පයක් ලෙස තැපැල් ඡන්දය භාවිත කිරීමට එරට බලධාරීන් තීරණය කර ඇති නමුත් ට්‍රම්ප් තර්ක කරන්නේ එමගින් විවිධ වංචා සිදුවිය හැකි බවය.

කිසියම් හේතුවක් මත මැතිවරණය කල් දැමීමට සිදුවුවහොත් මහජනතාව සම්බන්ධ නොවූ අභ්‍යන්තර ක්‍රියාදාමයකින් ජනපතිවරයා පත්කිරීමට එරට තුළ විධිවිධාන සලසා  ඇත්තේ රට අස්ථාවර  අරමුණින්ය.

වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක්  වාර්තා වන අමෙරිකාවෙන් මේවන විට ආසාදිතයන් 4,634,472 ක් , බ්‍රසීලයෙන් 2,613,789 ක් , ඉන්දියාවෙන් 1,639,350 ක් , රුසියාවෙන් 834,499 ක් සහ දකුණු අප්‍රිකාවෙන් ආසාදිතයින් 482,169 හඳුනාගෙන තිබේ.

Read more

Local News