රට බේරගන්න පුළුවන් එකම පක්ෂය එජාපය – රනිල්

Share

ගෙදර ආර්ථිකය ආරක්ෂා කරගැනීමට නම් ඡන්දය ලබා දිය යුතු එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය බව එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

 

මොරටුවේ පැවති ජන හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

“මං කිව්වා බලයට ආවාම ඩෙනිම් දෙනවා කියලා..දැන් ලංකාවේ ඩෙනිම් හදනවා..කපපු ඒවා, ඉරන ඒවා..මොනවද නැත්තේ..?”

“දැන් රටත් උකස් තියනවා..දැන් ආනයනය කරන ඔක්කොම නවත්තනවාලු..මෝටර් බයිසිකලයක්වත් ගන්න බැරි වෙනවා..”

“ලංකාවේ ජංගම දුරකථන හදන්න පුළුවන්ද?..”හලෝ සර්” තමයි කියන්න වෙන්නේ..”

“හෙල්මට් වෙනුවට ටිං එකක් ඔලුවේ දාගන්න වෙන්නේ..”

“අපි මෙතනට යන්න හොඳ නෑ..මේ රට බේරගන්න පුළුවන් එකම පක්ෂය එ.ජා.ප.ය විතරයි..”

“අපේ අය කකුලෙන් ඇද්දට අපි දුවනවා‍..ගෙදර ආර්ථිකය ආරක්ෂා කරගන්න එ.ජා.ප.යට ඡන්දේ දෙන්න..”

Read more

Local News