වරායේ අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

Share

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට විකිණීම නතර කර එහි මෙහෙයුම් කටයුතු වරාය කාරය යටතට පවරා ගන්නා ලෙස ඉල්ලමින් වෘත්තීය සමිති ආරම්භ කල අඛණ්ඩ සත්‍යග්‍රහය මේ වන විටත් ක්‍රියාත්මකයි.

 

වරාය සත්‍යග්‍රහය මුල් කරගනිමින් සිදු වන මහජන පීඩා වළක්වමින් අදාළ මාර්ග අවහිර වන සේ විරෝධාතා නොකරැන්නැයි වරාය සේවකයින්ට දන්වා අධිකරණ නියෝගයක් අද පස්වරුවේ නිකුත් කෙරිණ.

අලුත්කඩේ මහේත්‍රාත් අධිකරණය නිකුත් කළ මෙම නියෝගය ප්‍රකාශයට පත් කිරීම සඳහා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් සත්‍යග්‍රහය පැවති ස්ථානයට පැමිණියේ ය.

ඇත්වූ තත්ත්වය පාලනය කෙරුණේ වරාය වෘත්තීය සමිති නියෝජිතයින්ගේ මැදිහත්වීමෙනි.

කෙසේ වෙතත් වෘත්තීය සමිතිවලට තවමත් ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් හිමිව නොමැත.

වෘත්තිය සමිති ඉල්ලා සිටින්නේ මහා මැතිවරණයට පෙර කොළඹ වරයේ නැගෙනහිර පර්යන්තය පිළිබද තීරණය ලඛිතව ලබා දෙන ලෙසයි.

මේ වන විට අදාළ වෘත්තීය ක්‍රියා මාර්ගය සඳහා සිවිල් සංවිධාන හා තවත් වෘත්තීය සමිති රැසක් ද මේ සඳහා එක්ව සිටී.

අද දහවල් වරාය අධිකාරියේ සභාපතිවරයා සහ වෘත්තීය සිමිති නායකයින් අතර සාකච්ඡාවක් පැවති අතර එයද අවසන් වූයේ විසඳුමකින් තොරවයි.

පස්වරු 12.40 ට පමණ ජාතික භික්ෂූ පෙරමුනේ මහා සංඝරත්නයද මෙම සත්‍යග්‍රහයට ආශීර්වාදය පළ කළහ.

මේ අතර සත්‍යග්‍රහය පැවති ස්ථානයට ආණ්ඩු පාර්ශවය නියෝජනය කරමින් විමල් වීරවංශ මහතා සහ උදය ගම්මන්පිල මහතා ඊයේ රාත්‍රියේ පැමිණිහ.

වරාය සේවකයින් සමග ගැටලු සාකච්ඡා කරීමට උත්සාහ කළත් එම ස්ථානයේ එය සිදු කිරීමට නොහැකිවිය.

පසුව අදාළ නියෝජතයින් ඇතුළු පිරිස අසළ පිහිරි රැස්වීම් ශාලාවක සිය සාකච්ඡා ආරම්භ කළහ.

අදාළ සාකච්ඡාවට සම්බන්ධවීමට සියලු වෘත්තිය සිමිති සාමාජිකයින් උත්සාහ කිරීමේදී උණුසුම් තත්ත්වයක් ඇති විය.

වෘත්තිය සමිති නායකයින් සහ නියෝජිතයින් අතර හමුව පසුව පැවැත්වුණේ, පොලීසියේ මැදිහත්වීමෙනි.

Read more

Local News