වැඩි මිලට කහ අලෙවි කළොත් මොකද වෙන්නේ ?

Share

වෙළෙඳපොළේ ඇති කහවල ප්‍රමිතිය පරීක්ෂා කරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

 

ඒ, කහ හිඟයත් සමග විවිධ වර්ණක හා පිටි කලවම් කළ කහ විකුණන බවට පාරිභෝගික කටයුතු අධිකාරියට ලැබුණු පැමිණිලි හේතුවෙනි.

ඒ අනුව දිවයිනම අවරණය වන පරිදි ලබා ගත් කහ සාම්පළ 15 ක් ලංකා කාර්මික ආයතනයේ රසායනාගරය වෙත යොමු කර ඇති බව අධිකාරිය සඳහන් කළේ ය.

පාරිභෝගික කටයුතු අධිකාරිය පැවසුවේ, වැඩි මිලට කහ අලෙවි කරන්නන් සොයා ද මේ වනවිට මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.

කහ කුඩු කිලෝග්‍රෑමයක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 750 කි.

එම මිල ඉක්මවා කහ අලෙවි කළ වෙළෙඳුන් 70 කට පමණ මේ වනවිට නඩු පවරා ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් ‍කළේ ය.

Read more

Local News