මැතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන්

Share

මෙවර මහ මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු ඊයේ (02) මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය.

 

ඒ අනුව මැතිවරණය පැවැත්වෙන අගෝස්තු මස 05 වනදා දක්වා කාලය නිහඬ කාලයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

මෙම කාලය තුළ ප්‍රචාරණ කටයුතු හෝ අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය වන ආකාරයේ කිසිදු කටයුත්තක් සිදුකළ නොහැකි බව මැතිවරණ කොමිසම පවසයි.

නිහඬ කාලය තුළ මැතිවරණ නීති කඩකරන ඕනෑම පුද්ගලයෙක් හෝ කණ්ඩායමකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේය.

Read more

Local News