කොවිඩ් ආසාදිත‍යින් ගණන 2823ක් දක්වා ඉහළ යයි

Share

මෙරටින් හමුවූ කොවිඩ් නයින්ටීන් ආසාදිත‍යින්ගේ ගණන 2823ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

ඒ ඊයේ (02) දිනයේදී අලුතින් හඳුනාගැනුණු ආසාදිතයින් 8දෙනාද සමගයි.

මෙම ආසාදිතයින්ගේන් එක් අයෙකු ලංකාපුර වාර්තා වු ආසාදිතයාගේ ආශ්‍රිතයෙකු වන අතර ඔහු මේ වන විට නිරෝධායනයට ලක්වෙමින් සිටින අයෙකු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

සෙසු 07දෙනා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි අයවන අතර ඔවුන් ද මේ වන විට නිරෝධායනයට ලක්වෙමින් සිටියි.

ඒ අනුව මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබන සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 298 කි.

සමස්ත කොවිඩ් ආසාදිතයින්ගෙන් 2514 දෙනෙකු මේ වන විට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

Read more

Local News