තෝරාගත් තැපැල් කාර්යාල අද සහ හෙට අතිරේක පැය කිහිපයක් විවෘත කරයි

Share

දිවයින පුරා තෝරාගත් තැපැල් කාර්යාල අද සහ හෙට අතිරේක පැය කිහිපයක් විවෘත කිරීමට තීරණය කර තිබේ.

 

තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසුවේ, තේරිම්භාර නිලධාරීන් විසින් නම් කර ඇති තැපැල් සහ උපතැපැල් කාර්යාල අද රාත්‍රී 8.00 වන තුරු විවෘතව තැබිය යුතු බවය.

ඒ, මහ මැතිවරණ රාජකාරි සඳහා පැමිණෙන නිලධාරීන්ගේ පහසුව වෙනුවෙනි.

තැපැල්පතිවරයා සඳහන් කළේ, තෝරා ගත් තැපැල් සහ උපතැපැල් කාර්යාල හෙට සවස 6.00 දක්වාත් විවෘතව තැබෙන බවයි.

එම කටයුතු ප්‍රාදේශීය තැපැල් අධිකාරීවරුන්ගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක බව ද ඔහු පැවසුවේ ය.

මේ අතර මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු පුද්ගලයින් වේනම් අද සහ හෙට දෙදින කාර්යාල වේලාවන් තුළදී සිය ඡන්ද පත්‍රිකාව තමන් අයත් ප්‍රදේශයේ තැපැල් කාර්යාලයෙන් ලබා ගන්නා ලෙස ද ඔහු දැනුම් දෙයි.

Read more

Local News