ලෙබනනයේ පිපිරීමෙන් ශ්‍රී ලාංකිකයන් 2ක් තුවාල ලබයි

Share

ඊයේ (04) පස්වරුවේ ලෙබනනයේ බේරුට් නගරයේ සිදු වූ පිපිරීම හේතුවෙන් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් තුවාල ලබා ඇති බව ලෙබනනයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

 

ලෙබනන මහජන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් තවත් තොරතුරු බලාපොරොත්තුවෙන් සිටින බව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

එම පිපිරීම හේතුවෙන් බේරුට් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට සහ තානාපති කාර්යාල නිලධාරින්ගේ නිවාසවලට සුළු හානි සිදුව තිබේ.

නමුත් කිසිදු තානාපති කාර්යාල නිලධාරියෙකු තුවාල ලබා නොමැති බව වාර්තා වේ.

Read more

Local News