පළමු ඡන්ද ප්‍රතිඵලය පස්වරු 2න් පසුව

Share

2020 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව මැතිවරණ දිස්ත්‍රික්ක 22කට අදාළව ඡන්ද ගණන් කිරීමේ කටයුතු මධ්‍යස්ථාන 77ක දී (06) ආරම්භ වි ඇත.

පාර්ලිමේන්තු මැතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵලය අද පස්වරු 2.30ත් 3.30ත් අතර කාලය තුළ ලබාදීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

 

මෙවර මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහා අපේක්ෂකයින් 7452 දෙනෙකු පිළිගත් දේශපාලන පක්ෂ 20ක් සහ ස්වාධින කණ්ඩායම් 34ක් නියෝජනය කරමින් ඉදිරිපත්ව සිටින අතර ඉන් මන්ත්‍රිවරුවන් 196 දෙනෙකු පාර්ලිමේන්තුවට තෝරා පත් කර ගැනීමට නියමිතය.

ඊයේ පැවති පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී සියයට 71ක ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

මේ අතර දිස්ත්‍රික්ක මට්ටමින් ඡන්ද ගණන් කිරීමේ කටයුතු ආරම්භ කිරීම සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබේ.

දිස්ත්‍රික්ක තේරීම් භාර නිලධාරිවරුන් සඳහන් කළේ දේශපාලන පක්ෂවල නියෝජිතයින්ගේ අධීක්ෂණය යටතේ සියලු ඡන්ද පෙට්ටි විවෘත කිරීම සිදු කරන බවයි.

Read more

Local News