කාලගුණයෙන් රතු නිවේදනයක්

Share

දිවයින වටා මුහුදු ප්‍රදේශ කිහිපයක අද (09) දිනයේ සුළඟේ වේගය තරමක් ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

ඒ අනුව කන්කසන්තුරය සිට මන්නාරම හරහා කොළඹ දක්වා සහ මාතර සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය දැක්වේ.

සෙසු මුහුදු ප්‍රදේශවල ද සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 දක්වා වැඩිවිය හැකිය.

මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ භාවිත කිරීමේ දී ධීවර හා නාවික ප්‍රජාව සැලකිලිමත් විය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

Read more

Local News