රිය අනතුරකින් මවක් සහ දියණියක් ජීවිතක්ෂයට

Share

දොම්පේ, සමනබැද්ද මල්වාන ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් මවක සහ දියණියක ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

මල්වාන දෙස සිට සමනබැද්ද දෙසට ධාවනය වූ මෝටර් රථයක් එහි රියදුරුට පාලනය කරගත නොහැකිව ඉදිරියෙන් පැමිණි යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසීය.

යතුරුපැදියේ ගමන් කළ කාන්තාවක් හා ඇයගේ දියණිය අනතුරින් බරපතළ තුවාල ලබා දොම්පේ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දෙදෙනාම මිය ගොස් තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ 42 හැවිරිදි මවක් හා 19 හැවිරිදි ඇගේ දියණිය බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

Read more

Local News