සුවය ලැබූ සමස්ත ‌කොරෝනා ආසාදිතයින් ගණන 2638ක් දක්වා ඉහළට

Share

කොවිඩ් නයින්ටීන් ‌වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි 16 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය බලධාරීන් පවසයි.

ජාතික බෝනොවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටි පස් දෙනෙකු ද, වැලිකන්ද සහ මිනුවන්ගොඩ මූලික රෝහල්වලින් දස දෙනෙකු සහ ඉරණවිල රෝහලෙන් එක් අයෙකු ද සුවය ලබා පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් ක‍ළේය.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 2638 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

Read more

Local News