මෙන්න අද කාලගුණය

Share

ඌව පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකට සවස 2.00 න් පසුව තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

මේ අතර සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි ඇති වේ.

උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්කවල සහ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් හමන පැ.කි.මි. 40-50 දක්වා තද සුළං ඇති විය හැකියි.

Read more

Local News