රාජාංගනයේ තවත් 30ක් නිරෝධායනයට ලක්කෙරේ

Share

මෙරටින් හඳුනාගෙන ඇති කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2882ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

ඒ ඊයේ (13) දිනයේ දී එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයෙකු කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමත් සමගය.

එම පුද්ගලයා 59 වන සේනාංක පුහුණු පාසැල් නිරෝධායන මධ්‍යස්ථානය තුළ නිරෝධායනය වෙමින් සිටි  පුද්ගලයෙකු වේ.

මේ වන විට කොවිඩ්-19 ආසාදිතයෝ 225 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබති.

එයින් වැඩි පිරිසක් කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

මේ අතර රාජංගනය ප්‍රදේශයේ පාසල් සිසුන් ගුරුවරන් ඇතුළු 30 දෙනෙකු පමණ නිරෝධායනයට ලක්කිරීමට ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරින් පියවර ගෙන තිබේ.

ඒ ප්‍රදේශයේ පාසලක පාසල් සිසුවෙකුට කොවිඩ්-19 වෛරස ආසාදනය වී ඇති බවට සිදුකළ පළමු පරීක්ෂණයේ දී තොරතුරු අනාවරණය වීමත් සමගය.

මේ අතර විදෙස්ගතව සිටි පුද්ගලයින් 66 දෙනෙක් අද (14) උදෑසන මෙරටට පැමිණ ඇත.

එසේ පැමිණි සියලු දෙනා ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත නිරෝධායනය සඳහා යොමු කර ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළාක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

අද දිනය තුළ යුද්ධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 82 දෙනෙක් නිරෝධායනය අවසන් කර පිටව යෑමට නියමිතය.

මේ වන විට පුද්ගලයින් 30, 184 දෙනෙක් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් වෙත පිටව ගොස් තිබේ.

තවත් පුද්ගලයින් 4461 දෙනෙක් ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 43ක නිරෝධායනය වෙමින් සිටියි.

ඊයේ (13) දිනය තුළ පී.සී.ආර් පරීක්ෂණ 1100ක් සිදුකර ඇති අතර, මේ වන විට ලංකාව තුළ සිදුකර ඇති සමස්ත පී.සී.ආර් පරීක්ෂණ සංඛ්‍යාව 179,949කි.

Read more

Local News