විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු ආරම්භ කරන දිනය ප්‍රකාශයට පත්කරයි

Share

ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට අයත් සියලු විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු එළඹෙන අගෝස්තු 17 වන දින සිට සාමාන්‍ය පරිදි ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම නිවේදනය කරයි.

 

අද (14) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා මේ බව කියා සිටියේය.

පසුගිය ජූලි මස 15 වන දින සිට වෛද්‍ය පීඨවල 3 වන වසරේ විභාග ක්‍රමනුකූලව පැවැත් වු බව ද සභාපතිවරයා මෙහිදී පැවසීය.

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ අන්තර් ජාලය හරහා පැවැත් වු අධ්‍යයන කටයුතුවල සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇතැයි ද පැවසු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, විශ්වවිද්‍යාල ආරම්භ වීමෙන් අනතුරුව ද සෞඛ්‍ය මාර්ගෝපදේශන අනුව කටයුතු කළ යුතු බව ද පැවසීය.

මෙතෙක් නේවාසිකාරවල එක් කාමරයක එක් සිසුවෙක් පමණක් සිටි නමුත් අධ්‍යයන කටයුතු ආරම්භ වීමෙන් පසුව සාමාන්‍ය පරිදි නේවාසිකාගාරවල නවාතැන් පහසුකම් සලසා දෙන බව ද ඔහු පැවසීය.

Read more

Local News