ඊයේ (14) දිනයේ හඳුනාගත් නව ආසාදිතයින් සිව් දෙනා ද සමග මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 2886 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
මෙම ආසාදිතයින්ගේ තිදෙනෙක් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ හි සිට පැමිණි අතර අනෙක් ආසාදිතයා ජපානයේ සිට පැමිණි පුද්ගලයෙකු බව හඳුනාගෙන තිබේ.
එමෙන්ම කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 2658 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා ඇත.
කොවිඩ් ආසාදිතයින් 217 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.




