ආසියානු සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් හා ජනපති අතර හමුවක්

Share

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ ආසියානු සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් අද (30) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී පැවැත්වුණු අතර ආසියානු සංවර්ධන බැංකුව මගින් මෙරටට ලබාදෙන අධාර සහ එමගින් කි‍්‍රයාත්මක කෙරෙන ව්‍යාපෘතිවල ප‍්‍රගතිය පිළිබඳ මෙහිදී විශේෂ සාකච්ඡාවට ලක්විය.

මොරගහකන්ද ව්‍යාපෘතිය යටතේ කි‍්‍රයාත්මක වන වයඹ ඇළ සංවර්ධනය සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ සහය හිමිවන අතර, ඉදිරියට ද ග‍්‍රාමීය දිළිඳු ජනතාවට ප‍්‍රතිලාභ ලැබෙන එවන් බහුකාර්ය ව්‍යාපෘති සඳහා සිය දායකත්වය සැපයීමට සූදානම් බව නියෝජිත පිරිස මෙහිදී සඳහන් කළහ.

විශේෂයෙන් ග‍්‍රාමීය දිළිඳු ජනතාව නගාසිටුවීමේ අරමුණින් කෘෂිකර්මාන්ත ක්ෂේත‍්‍රයේ සිදුකෙරෙන සංවර්ධන කටයුතු සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබාදෙන සහය තවදුරටත් පුළුල් කිරීමට අපේක්ෂා කරන බව ද ඔවුන් සඳහන් කළහ.

මෙහිදී ජනාධිපතිතුමා සඳහන් කළේ ග‍්‍රාමීය ගොවි ජනතාවගේ ආර්ථිකය නගාසිටුවීම වෙනුවෙන් වාරිමාර්ග ක්ෂේත‍්‍රයේ පුළුල් සංවර්ධන වැඩපිළිවෙළක් වත්මන් රජය යටතේ සිදුකරමින් පවතින බවත් ඒ සඳහා තවදුරටත් ආසියානු සංවර්ධන බැංකුවේ සහය අපේක්ෂා කරන බවත්ය.

දිළිඳුකමින් පීඩා විඳින උතුරු නැගෙනහිර ජනතාවට ප‍්‍රතිලාභ ලැබෙන ව්‍යාපෘති කිහිපයක් ඉදිරීයේ දී ආසියානු සංවර්ධන බැංකුවේ සහය ලබාගනිමින් කි‍්‍රයාත්මක කිරීමට අපේක්ෂා කරන බවද ජනාධිපතිතුමා සඳහන් කළේය.

මෙම සියලු කටයුතු පිළිබඳ කඩිනමින් සොයා බලා ලබාදිය හැකි සියලු සහය ලබාදීමට නියෝජිත පිරිස මෙහිදී ජනාධිපතිතුමා වෙත සිය එකඟතාවය පළ කළහ.

Read more

Local News