අද තරඟයේ දෙවන දිනයයි – බංග්ලාදේශ පිල 417/7යි

Share

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර ඊයේ (31) චිතගොං නුවර දී ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවනවිට කඩුලු 4ක් දැවී ලකුණු 374ක් රැස් කිරිමට බංග්ලාදේශ කණ්ඩායම සමත්වූහ.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීම තෝරාගත් සත්කාරක බංග්ලාදේශ පිලේ ආරම්භක පිතිකරුවන් වන තමීම් ඉක්බාල් සහ ඉම්රුල් කයිස් පළමු කඩුල්ලට ලකුණු 72ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත්වූහ.

දිනය නිමාවනවිට මොමිනුල් හක් නොදැවී ලකුණු 175ක් ලබා සිටියේ පන්දු 203කට මුහුණ දෙමිනි. ඊට හතරේ පහර 16ක් සහ හයේ පහරක් ඇතුළත් විය. නායක මහ්මදුල්ලා නොදැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 9කි.

තුන්කොන් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ටමීම් ඉක්බාල් ඊයේ රැස් කළ ලකුණු සංඛ්‍යාව 52කි. ඔහු දැවී ගියේ ඩිල්රුවන් පෙරේරා යැවූ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙනි.

ඊයේ දිනයේදී පන්දු 96කින් සිය ශතකය සම්පූර්ණ කළ මොමිනුල් හක් බංග්ලාදේශ පිල වෙනුවෙන් ටෙස්ට් ඉනිමකදී වේගවත්ම දෙවැනි ශතකය රැස් කරමින් වාර්තාපොතට එක්විය.

අද (01) තරගයේ දෙවැනි දිනයයි.

ඒ අනුව අද දෙවන දිනයට තරඟය මේ වන විට අාරම්භ කර අැත. පන්දුවට පහර දෙන බංග්ලාදේශ පිල මේ වන විට ක්‍රීඩකයින් 7 දෙනෙකු දැවී ලකුණු 417ක් ලබා ගෙන අැත.

තරඟයේ පන්දුවෙන් පන්දුවට සජිවී අත්දැකීම ලබා ගැනීමට සියත ටිවී සමඟින් එක්වන්න.

Read more

Local News