2025 වන විට මෙරට දියුණු රටක් බවට පත් කිරීම අපගේ අරමුණයි – අගමැති

Share

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ(31) මන්නාරම පැවැති එක්සත් ජාතික පක්‍ෂ මැතිවරණ ප්‍රචාරක රැලියකට එක්විය. එහිදී අග්‍රාමාත්‍යවරයා පවසා සිටියේ,

සංහිඳියාව ගොඩනඟා රට සංවර්ධනය කළ හැක්කේ එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණට බවත් සියලු ජාතීන්ගේ අයිතිවාසිකම් සුරක්‍ෂිත කරගනිමින් එකට ජීවත් විය හැකි සමාජයක් නිර්මාණය කර දීමට සිය පක්‍ෂයට හැකි වූ බව පෙන්වා දුන් වික්‍රමසිංහ මහතා එම අරමුණ තව තවත් ශක්තිමත් කිරීම වෙනුවෙන් ඉදිරියට ද කැප වෙන බව සිහිපත් කළේය.

තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා 2015 ජනවාරි මාසය වන විට මේ රටේ ජනතාව අතර අසමගිය ගොඩනඟා සංහිඳියාව නැති කොට තිබුණා. ඒ පාලනය වෙනස් කොට අපි සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු සියලු ජාතීන් එකට එකතු කරගෙන ඉදිරියට ගොස් යලි සංහිඳියාව ගොඩනැ‍ඟීමට හැකිවුණා. සියලු ජන කොටස්වලට නිදහසේ ජීවත්විය හැකි පරිසරයක් අප ගොඩනඟා තිබෙනවා. ශ්‍රී ලාංකික අනන්‍යතාව ආරක්‍ෂා කිරීම වෙනුවෙන් අප කැප වී සිටින බවයි.

2025 වන විට මේ ශ්‍රී ලංකාව දියුණු රටක් බවට පත් කිරීම අප හැමෝගෙම අරමුණයි. මේ මැතිවරණයේ දී ගමේ ආණ්ඩුව එක්සත් ජාතික පක්‍ෂයට ලබාදීම තුලින් ඒ ගමන තවත් වේගවත් කළ හැකියි බවයි.

Read more

Local News