ඡන්දය නිරීක්ෂණයට පැෆරල් සංවිධානයේ නිරීක්ෂකයන් 7000 ක්

Share

පළාත් පාලන ජන්ද විමසීම නිරීක්ෂණය කිරීම සඳහා නිරීක්ෂකයන් 7000 ක් යෙදවීමට පැෆරල් සංවිධානය විසින් පියවර ගෙන ඇතැයි එම සංවිධානය පවසයි.

එම සියලුම දෙනා පුහුණු කිරීම මේ වන විට අවසන් වී ඇති අතර මෙයින් 1000 ක් තැපැල් ජන්ද නිරීක්ෂණයටද 4000ක් ස්ථානගත නිරීක්ෂකයන් ලෙසද 1500 කට ආසන්න පිරිසක් ජංගම නිරීක්ෂකයන් ලෙසද යොදවන අතර ජන්ද නිරීක්ෂණය සඳහා ජංගම රථ 350 ක් යොදවා තිබේ.

පළාත් පාලන ජන්ද විමසීම සඳහා අපේක්ෂකයින් 57, 252 ක් තරගකළද මෙවර ප්‍රචණ්ඩත්වය අවම මට්ටමක පවත්වා ගැනිමට පොලිසිය, මැතිවරණ කොමිසම හා දේශපාලන පක්ෂ සමත් වී ඇතැයිද පැෆරල් සංවිධානය පවසයි.

වැඩි විස්තර දැන ගැනීමට පහත විඩීයෝව නරඹන්න.

Read more

Local News