වසරේ පළමු මාස හය තුළ කෘෂි බෝග අපනයන ආදායම ඉහළට

Share

වසරේ පළමු මාස හයේ කෘෂි බෝග අපනයන ආදායම ඉහළ ගොස් තිබේ.

 

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ. පී හීන්කෙන්ද මහතා සඳහන් කළේ, පළමු මාස හය තුළ කෘෂි බෝග මෙට්‍රික් ටොන් 23 264 ක් අපනයනය කර ඇති බවයි.

ඉන් උපයාගෙන ඇති ආදායම රුපියල් මිලියන 27 977 කි.

එය පසුගිය වසරේ මුල් මාස හයේ ලැබූ ආදායමට වඩා රුපියල් මිලියන 40 ක වැඩිවීමක් බව ආචාර්ය ඒ. පී හීන්කෙන්ද මහතා සඳහන් කළේ ය.

Read more

Local News